Press "Enter" to skip to content

ඇස්ට්‍රාසෙනකා තරුණ තරුණියන්ට සුදුසු නෑ – යුරෝපා ඖෂධ පාලන අධිකාරිය

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ඇතැමුන්ගේ රුධිරය කැටි ගැසෙන බවත්, දුර්ලභ තත්ත්වයක් වුවත්, එය අවදානමක් බවත් පෙන්වා දෙමින්, තරුණ තරුණියන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සුදුසු නැති බව ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ තීරණය කර තිබේ.

‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ මෙසේ තීරණය කළේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත මුල්කොට ගනිමින් හටගත් බිය සහ සැකය අවසන් කරමිනි.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීමෙන් පසු මොළයේ ලේ කැටි ගැසීම් ඇතිවෙනවා. වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය සැලකෙන්නේ ‘වෙනුස් සයිනස් ත්‍රොම්බෝසිස්’ යනුවෙන්. මේක ඉතාමත් දුර්ලභ තත්ත්වයක්. ඒත් අප කළ විමර්ශනවලින් පැහැදිලි වී තිබෙනවා,

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාගෙන මියගිය බොහෝ දෙනකු මෙම තත්ත්වයට ගොදුරු වුණු බව. ඒ නිසා අප තරුණ තරුණියන්ට එන්නත සුදුසු යැයි අනුමත කරන්නේ නැහැ. ඔවුන්ට විකල්පයක් ලෙස වෙනත් එන්නතක් ලබා ගන්න පුළුවන්.’ යැයි ‘යුරෝපා ඖෂධ පාලන අධිකාරිය’ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)

More from GossipMore posts in Gossip »