Press "Enter" to skip to content

ජනතාව බය වෙන නිසා පිළිකා කෑම ගැන කිව්වේ නෑ – වෛද්‍ය තිලක්

වෙළඳපොළ තුළ පිළිකාකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන ගත්තද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකළේ ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කරයි.

අරුණ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කර ඇත.

මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ විසින් “වෙළෙඳපොළ තුළ පිළිකා කාරක ද්‍රව්‍ය අන්තර්ගත භාණ්ඩ අ‍ලෙවි වූ බව දැන ගත්තත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න කටයුතු කළේ නැහැ නේද?” යැයි තිලක් මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පවසා තිබේ.

‘මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා‍. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ‍ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ.

කොහොමත් ඇතැම් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකාකාරක අන්තර්ගත වෙනවා. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමාණයන් හෝ ඊට වඩා අඩුවෙන්. කොහොම නමුත් අපි වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍ය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒවායේ විස කාරකයක් අන්තර්ගත නම් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න වහාම කටයුතු කරනවා. ඇෆ්ලටොක්සීන් අනුමත ප්‍රමාණයන්ටත් වඩාත් බොහෝම අඩුවෙන් තමයි අපේ ආහාරවල තියෙන්නේ. මොකද එය බිංදුව දක්වා අඩුකර ගන්න වෙළෙඳපොළ තුළ හැකියාවක් නැහැ. මම ඒකයි මුලිනුත් කීවේ එය බිංදුව දක්වා අඩුකර ගන්න නම් ගෙදර පොල්තෙල් හිඳගන්න කියලා‍’

More from GossipMore posts in Gossip »