Press "Enter" to skip to content

වසර 20කට පෙර නැතිවූ දියණිය පුතාගේ මනාලිය ලෙස නිවසට පැමිණේ

මෙම අපූරු සිදුවීම වර්තා වන්නේ චීනයේ ජියැන්ග්සු පළාතෙනි පුතාගේ විවාහ මංගල්යයේදී කාන්තාවක් දිගු කලක් අහිමි වූ දියණිය සොයා ගත්තාය.මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව, නැන්දම්මා තම නව ලේලියගේ අතේ උපන් ලකුණක් දුටුවාය. එය ඇගේ නැතිවූ දියණියගේ අතේ තිබූ ආකාරයටම ය.

උපන් ලපය දුටු වහාම එම කාන්තාව මනාලියගේ දෙමව්පියන් වෙත ගොස් දශක දෙකකට පෙර දරුකමට හදාගෙන ඇත්දැයි විමසීය. මෙය රහසක් බැවින් මනාලියගේ පවුලේ අය මෙම විමසීම ගැන කලබල විය. කෙසේ වෙතත්, ඔවුන් මීට වසර කිහිපයකට පෙර තම දියණිය පාර අයිනේ සිටි බිළිඳෙකු ලෙස සොයා ගත් බව ඔවුන් එම කාන්තාවට හෙළි කළහ.

මෙම කම්පනකාරී තොරතුරු දැනගත් මනාලිය කඳුළු සලමින් ඇගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය විය. තම ජීව විද්‍යාත්මක මව හමුවීම “විවාහ දිනයට වඩා සතුටින්“ බව ඇය පැවසුවාය.

මනාලියට තම සහෝදරයා සමඟ විවාහ වීමට නොහැකි වීම නිසා විශාල ව්‍යාකූලත්වයක් ඇති විය. කෙසේ වෙතත්, මනාලයා දරුකමට හදාගත් බැවින් ඔවුන් දෙදෙනාගේ විවාහයට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව නැන්දම්මා හෙළි කළාය.

වසර ගණනාවක් තිස්සේ ඇයව සොයමින් සිටියද, අතුරුදහන් වූ තම දියණිය සොයා ගැනීමේ සියලු බලාපොරොත්තු සුන්වීමෙන් පසුව ඇය පිරිමි ළමයෙකු දරුකමට හදාගත් බව එම කාන්තාව අනාවරණය කළාය.

මනාලිය විසින් ඒ බව දැනගත් පසු විවාහ මංගල දිනයේ චාරිත්‍ර ඉදිරියට ගෙන ගොස් ඇති බවයි. විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

More from GossipMore posts in Gossip »