Press "Enter" to skip to content

අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක, අවධානයෙන් කටයුතු කරන්න -WHO

එන්නත් මගින් කොවිඩ්-19 පාලනය කිරීමේ එක් ප්‍රවේශයක් පමණක් වන බැවින් ආසාදන පාලනය සඳහා දැනටමත් ඔබ පිළිපදින මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ, දෑත් සේදීම, දුරස්ථභාවය) දිගටම කරගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් තරයේ ඉල්ලා සිටියි.

“පසුගිය සතියේ සම්ප්‍රේෂණ 9% වැඩිවීමක්, අඛණ්ඩව හත්වැනි සතියේ සම්ප්‍රේෂණය වැඩිවීමක් සහ මරණ සංඛ්‍යාවේ 5%ක වැඩිවීමක් දක්නට ලැබුණා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පැවසීය.

“අපි දැන් වසංගතයේ තීරණාත්මක අවස්ථාවක සිටින බව දැනගෙන ඔබ අවධානයෙන් කටයුතු කරන්න” ඇය අවධාරණය කළාය.

More from GossipMore posts in Gossip »