Press "Enter" to skip to content

පොලිස් බලය භාවිත කරමින් කාන්තාවන් අපහසුතාවට පත්කල මනමාල SI ගැන විමර්ශනයක්

රූප රාජිනියන්, අවුරුදු කුමරියන් තෝරන තරගවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ දකුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිර පෙන්තතන්ත්‍රී නියෝග කර තිබේ.

මෙම චෝදනාවට ලක්වන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති හෙයින් මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. විවාහක රූ රැජින තරගයේ තිබූ මතභේදාත්මක තත්ත්වය මත පැවැති මාධ්‍ය හමුව සම්බන්ධීකරණය කර ඇත්තේද මෙම උප පොලිස් පරීක්ෂකවරයා බව දැනගන්නට ඇත.

මොහු රාජකාරියෙහි නිරතව සිටින විටදී පොලිස් බලය භාවිත කරමින් කාන්තාවන් අපහසුතාවට පත්කිරීම් ඇතුළු සිදුවීම්වලට මීට පෙරද චෝදනාවට ලක්වී තිබේ. සුරූපී ළඳුන් සමග සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයේ මුදාහැරීම ​මොහුගේ විනෝදාංශය වී ඇතැයි වාර්තා වේ.

More from GossipMore posts in Gossip »