තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම ගුරුකම කළ බව කියන 43 හැවිරිදි කට්ටඩියකු පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරු පැල්මඩුල්ල පොලිසිය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත.
පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ මෙම කට්ටඩියා පදිංචි නිවසේදී ඔහුට පිහියෙන් ඇන ඇත්තේ පෙරේදා (10දා) පස්වරුවේය. කුකුළගේ රෝහණ සිල්වා නමැති 43 හැවිරිදි විවාහක පුද්ගලයකු එලෙස මරණයට පත්වී තිබේ. ඔහු දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත විද්‍යා කටයුතු සහ කට්ටඩියෙකු ලෙස කටයුතු කරගෙන ගිය අයකු බව පොලිසිය පවසයි.
පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලද එම පුද්ගලයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇතැයි පොලිසිය පැවසීය. සැකකරු ඊයේ අලූයම දෙකට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.
තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීම ස`දහා මියගිය අය ගුප්ත විද්‍යා කටයුත්තක් සිදු කළේ යැයි සැකයෙන් ඔහුගේ මරණය සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
පැල්මඩුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






