Press "Enter" to skip to content

සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම් පවුල් සදහා රු.5000 ලබා නොදෙයි : ප්‍රතිලාභීන්ව, නිලධාරීන්ව ආපසු හරවා යවයි

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම් ලාභින්ට රජය විසින් ලබාදෙන බවට පැවසු රුපියල් පන්දහසේ දිමනාව හැටන් සමෘද්ධි කාර්යාලයේ නිලධාරින් විසින් අද (12) දින ලබා නොදුන් නිසා එම ප්‍රතිලාභීන් දැඩි අසිරුතාවයට පත් වි සිටියා.

හැටන් සමෘද්ධි කාර්යාලය වෙත විශාල පිරිසක් එම දිමනාව ලබා ගැනිමට පැමිණ සිටි අතර, එසේ පැමිණ සිටි පිරිස ආපසු හරවා යැවිමට සමෘද්ධි කාර්යාලය නිලධාරින් විසින් කටයුතු කරන ආකාරයක් අප නෙත් නිවුස් වාර්තාකරුගේ කැමරාවේ හසුවී තිබුණා.

ප්‍රතිලාභීන්ට රුපියල් පන්දහසේ දිමනාව ලබා නොදිම සම්බන්ධයෙන් හැටන් සමෘද්ධි කාර්යාල නිලධාරියෙකුගෙන් සිදුකල විමසුමකට ඔහු කියා සිටියේ රු. 5000 දිමනාව අද දින ලබා නොදිම සම්බන්ධයෙන් රටේ පාලකයින්ගෙන් විමසන ලෙසයි.
උපුටා ගැනීම – නෙත් නිවුස්

More from GossipMore posts in Gossip »