Press "Enter" to skip to content

මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකු රෝගියෙක් පණ පිටින් මෝචරියට යවලා

ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද රෝගියෙකු මිය ගිය බවට සටහන් තබා මෘත ශරීරාගාරය වෙත යොමු කළ පුවතක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලෙන් වාර්තා වෙයි.

අප වාර්තාකරු සඳහන් කළේ, 45 හැවිරිදි එම රෝගියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඊයේ (අප්‍රේල් 9) උදෑසන 5.10ට පමණ සිය ඥාතීන් විසින් මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවය.

එහිදී වෛද්‍යවරයෙකු ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි නිර්දේශ කර මෘත ශරීරාගාරයට යොමු කර ඒ පිළිබඳව රෝහල් පොලිසියට දැනුම් දී තිබේ.

පසුව මෘත ශරීරාගාරයට යොමුකළ සිරුර අසල ඥාතීන් හඬා වැටෙමින් සිටිය දී මිය ගිය බව කියූ රෝගියාගේ අතක් සෙළවෙන ආකාරය ඥාතීන්ට නිරීක්ෂණය වී ඇත.

එම අවස්ථාවේදී ඥාතීන් එහි සිටි රෝහල් කාර්යමණ්ඩලයට ඒ බව දන්වා ඇති අතර ඔවුන් රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලේ ම 4 වන වාට්ටුවට ඇතුළත් කර තිබේ.

පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම රෝගියාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී කෝමා තත්තවයට පත්ව සිටි ඇති බවය.

කළ විමසීමකදී මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන් මහත්මිය සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවය.

mawbima.lk

More from GossipMore posts in Gossip »