Press "Enter" to skip to content

කිරිබත්ගොඩ ස්පා පහක් වටලා තතුන් පහළොවක් අත්අඩංගුවට

ආයුර්වේද බලපත් නැතිව නිරෝධාන නීති උල්ලංඝනය කරමින් කිරිබත්ගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන පහක් වටලා කාන්තාවන් 15 දෙනකු සමග කළමනාකරුවන් තිදෙනකු කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් සෙනසුරාදා හා ඉරිදා (03 හා 04 දා) අත්අඩංගුවට ගන්නා ලදී.

එම සම්බාහන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් අනුරාධපුරය, ඇඹිලිපිටිය, ගාල්ල, නුවර හා කුරුණෑගල යන ප‍්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 20 ත් 40 ත් අතර වියේ පසුවන්නන් වේ. එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1300 ක මුදලක් ගෙවා සම්බාහන මධ්‍යස්ථානවලට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් කාන්තාවන් මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර ඇත.

More from GossipMore posts in Gossip »