Press "Enter" to skip to content

එරික් පෙරේරා ඉවත් කරන්නැයි මා ලියු ලියුම මාධ්‍යවලට ගියේ කෙසේදැයි පරීක්‍ෂණයක් කරන්න..- අරුන්දික

තමන් විසින් නීතිය හා සාමය භාර අමාත්‍යවරයාට වෙන්නප්පුව පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් යොමු ලිපිය එම පොලිස් නිලධාරියා අතට ම පත් වූයේ කෙසේදැයි වහාම පරීක්ෂණයක් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

තමන් විසින් යොමු කල ලිපිය අදාල පොලිස් නිලධාරීන්ගේ සමාජ ජාල ගිණුමේද ඉන්පසු විවිධ මාධ්‍ය පුරාද පළවී තිබූ බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යම් නිලධාරියෙකු පිළිබඳ පැමිණිලි කළ විට එම ලිපිය එම චූදිත නිලධාරියාට ම ලැබෙන්නේ නම් එය විශාල ප්‍රශ්නයක් එයිද ඔහු තවදුරටත් පැවසීය.

More from GossipMore posts in Gossip »