වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැතැයි පරීක්ෂණ වලදී හෙලීවී තිබෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊීයේ( 6)පැවසීය.
වෙළඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක ඇතැයි පැතිර යන කතාව බොරුවක් යැයිද ඇමැතිවරයා කීය.
ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විෂ පොල්තෙල් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
වෙළඳපොලේ විෂ පොල්තෙල් හසුවූවහොත් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
දේශිය පොල්තෙල් කර්මාන්ත සම්බන්ධයෙන් නැති භීතිකාවක් මැවිම හිතකර තත්වයක් නොවේ යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
Published in Political
More from PoliticalMore posts in Political »