Press "Enter" to skip to content

කුළී වැඩට ගිය 17 හැවිරිදි සිසුවකු විදුලිසර වැදී මියයයි

මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප‍්‍රදේශයේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යා‍ලයේ 17 හැවිරිදි සිසුවකු නිවසක අලූ‍ත්වැඩියා කටයුතු සිදුකිරීමේ දී අනපේක්ෂිත ලෙස විදුලි වයරයක් යකඩ බටයක ගැටීමෙන් විදුලිසර වැදී මියගොස් තිබේ.

4 වෙනි දින සවස මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ආණමඩුව මධ්‍ය මහා විiාලයේ මෙවර අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි සෙම්බුකුලිය ප‍්‍රදේශයේ පදිංචි කෞෂල්‍ය පැතුම් නමැති 17 හැවිරිදි පාසල් සිසුවකුය.

මෙම සිසුවාගේ පියා මීට වසර 10 කට පමණ පෙර හෘiාබාධයකින් මරණයට පත්ව ඇති අතර මව මැද පෙරදිග රටක ගෘහ සේවයට ගොස් ඇත.

මරණයට පත් සිසුවා මව විදේශගත වීමෙන් පසු පියාගේ මව සමග හැදී වැඞී ඇති බව ඥාතීන් පවසයි.

මෙවර සිරිපා කරුණා කරන්නට යාමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙසේ ප‍්‍රදේශයේ පෙදරේරුවකු සමග නිවසක අලූ‍ත් වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී විදුලිසර වැදී ඇත.

සිසුවා සිරිපා වැදීමට තවත් පිරිසක් සමග යාමට සූදානම් වන බව විදේශගතව සිටින මවට ආරංචි වී තිබේ. අනතුරුව ඇය දරුවාට දුරකථන පණිවිඩයකින් එසේ නොකරන ලෙසද දන්වා තිබේ. පවුලේ අයද අකමැතිව සිටි නිසා ගමනට අවශ්‍ය මුදල් හා ඇදුම් ලබා ගැනීමට මෙසේ දින කීපයක් පවුලේ අයගේ විරෝධය මත මෙම

රැුකියාවට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක් ව ඇත.

විදුලිසර වැදීමෙන් පසු සිසුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් සිසුවා මරණයට පත්ව සිටි බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

More from GossipMore posts in Gossip »