බියගම පොලිස් වසමේ ශාන්තිකර්ම කරන දේවාලයකට සාස්තරයක් ඇසීම සඳහා පැමිණි විසි අට හැවිරිදි තරුණයකුට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කළ එහි දේවගැතියා (කපුව) බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ සමගම එහි තිබී කඩු තුනක් පොලිස් භාරයට ගැනිණි.
එම තරුණයා බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කැනඩාවේ සිටින සිය සොහොයුරියට සිදු වී තිබෙන කරදරයක් සම්බන්ධව සාස්තරයක් ඇසීමට මෙදින පැමිණි අවස්ථාවේ මේ අකරතැබ්බයට මුහුණ පා ඇත. මේ සම්බන්ධව එම තරුණයා වහාම බියගම පොලිසියට කළ පැමිණිල්ලක් මත මොහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පනස් හැවිරිදි විවාහක මොහු මහර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යයි. බියගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධනංජය රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂක ඞී.ඵම්.සී.එස්. කුමාර, සැරයන් ගනේවත්ත (46698* හා පො.කො. රියදුරු තිලක්ෂණ (89783* යන නිලධාරීහු විසින් මොහු අත්අඩංගුවට ගත් අතර අධිකරණ කටයුතු භාර උප පොලිස් පරික්ෂක ඒ.එම්. ඞී. තිලකනාත් හා සැරයන් චන්දසිරි (48891* යන නිලධාරීහු විසින් මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යති.






