වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා වෙනුවට රාජකාරියට යෙදවූ නව නිලධාරියා එරික් පෙරේරා මහතාට වඩා හොඳින් රාජකාරි කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (05 දා* පාර්ලිමේන්තුවේදී පැවසීය.
එරික් පෙරේරා මහතාට ස්ථාන මාරුවක් ලබා දුන්නේ ඔහුට එරෙහිව ලැබුණු පෙත්සම් සලකා බැලීමෙන් පසුව බවත්, එම මාරුව පොලිස් දෙපාර්තමේන්තුවේ සිදුවූ එක් ස්ථාන මාරුවක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
එරික් පෙරේරා මහතා සමග තවත් නිලධාරීන් 35 දෙනකු මාරු කළ බව ද ඔවුන් පිළිබඳ කතා නොකරන්නේ ඇයිදැයි යන්න තමාට ගැටලූවක් බව ද සරත් වීරසේකර මහතා තවදුරටත් පැවසීය.
උපුටා ගැනීම – දිවයින පුවත්පත






