Press "Enter" to skip to content

විභාගයට පෙනී සිටි දැරිය හදිසියේ මියයයි

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට ලියමින් සිටියදී අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම 14 හැවිරිදි දැරියකි.

සිසුවිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට ලියමින් සිටියදී අසනිපව වනාතවිල්ලුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරීමේන් පසුව මරණයට පත්ව ඇති බව කියයි.

More from GossipMore posts in Gossip »