Press "Enter" to skip to content

නැන්දම්මාගේ තාඩන පීඩන ඉවසාගත නොහැකිව මවක් සිඟිති පුතුට වස පොවා ඇයත් බීලා – දෙදෙනාම මරුට

සැමියාගේ අධික බීමත්කම නතර කිරීමට උත්සාහ කිරීමේදී තමා දෙමළ වීම නිසා තමාට හා තම පුතුට නැන්දම්මාගෙන් සිදුවන අපහාස කිරීම් හා තාඩන පීඩන ඉවසා ගත නොහැකිව ඇති වූ සිත් වේදනාවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි දමා වස පොවා මවද වස බී සියදිවි හානි කරගත් ශෝකජනක පුවතක් දිඹුලාගල නුවරගල කොට්ඨාසයේ පිහිටිවැව ගම්මානයෙන් වාර්තා වේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිහිටිවැව අංක 109 පදිංචි සත්‍යමේල් නලනී (28) හා 01 වසරේ ඉගෙනුම ලබන වයි.කේ. සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකි. අවුරුදු 03 ක් වයසැති ජේ.කේ. දනිදු ප‍්‍රමෝද් බණ්ඩාර පිරිමි දරුවා පරීක්ෂණ කටයුතු සඳහා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය මව පෙර විවාහයෙන් දික්කසාද වී වසර 04 කට පෙර ජේ. කේ. ගුණතිලක යන අය සම`ග විවාහ වී ඔහුට දාව වයස අවුරුදු 03 ක පිරිමි දරුවෙක් සිටින අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ පොලොන්නරුව මහෙස්ත‍්‍රාත් දේවිකා සී. ජයවර්ධන මෙනෙවිය පොලීසියට නියෝග කළාය.

අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ.පී.ඞී. පේ‍්‍රමලාල්, සිරිපුර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී.ඒ.එල්. විතානගේ, අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් වැලිකන්ද, පොලිස් සැරයන් 61595 නාලක, 61873 ගුණවර්ධන, 37130 රාජපක්ෂ, 43761 වසන්ත, පොලිස් කොස්තාපල් 87988 සංජීව යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

More from GossipMore posts in Gossip »