කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මාර්තු 31 වන දා සිට අත්හිටවූ බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ, Covishield එන්නත් තොගවල ඇති හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.
අවම වශයෙන් ජනගහනයෙන් 20% කට එන්නත ලබා දෙන බවට පොරොන්දු වුව ද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ඇත්තේ එන්නත් මාත්‍රා 264,000ක් බැවින් අප්‍රේල් 19 වන දා දක්වා එන්නත් ලබා දීම අත්හිටවූ බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී අමාත්‍යවරිය සඳහන් කළා ය.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ, කොවිඩ් එන්නත්වල දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් මස 19 වන දා සිට ආරම්භ කරන බවය.
ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ලැබීමට නියමිත එන්නත් පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරිය සඳහන් කළේ, ඉන්දියාවෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තාගත ලෙස වැඩි වීම හේතුවෙන් එන්නත් ලබා දීමේදී එරට ජනතාවට ප්‍රමුඛත්වය දීමට ඔවුන් තීරණය කර ඇති බවය.
ඒ හේතුවෙන්, ශ්‍රී ලංකාව ඉල්ලා ඇති අනෙකුත් එන්නත් තොගය සීරම් ආයතනය පොරොන්දු වූ කාලයේදී ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද අමාත්‍යවරිය සඳහන් කළා ය.
“අපිට තියෙන්නේ ඉන්දියාවේ පිහිට තමයි,” ඇය ප්‍රකාශ කළා ය.
මේ අතර, රුසියාවේ Sputnik V එන්නත සම්බන්ධයෙන් අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ, මෙතෙක් කර ඇති ඉල්ලීම්වලට හා ඉන් අනතුරුව සාකච්ඡා කර ඇති පරිදි Sputnik V එන්නත මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.






