කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ඉලක්කගත ක්‍රමවේදයක් යටතේ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා,
“අපිට කැස්ස හංගන්න බෑ වගේම තමයි මේ කොවිඩ් -19 හංගන්නත් බෑ. අපේ රටට කොවිඩ් -19 ආපු දවසේ ඉදලා අපිට තිබුණ චෝදනාව තමයි අපි පීසීආර් පරීක්ෂණ ප්‍රමාණවත් මට්ටමකට සිදුකරන්නේ නැහැ කියන එක. නමුත් අපි ඒක කරන්නේ ඉතාම තාර්කික හා ඉලක්කගත ක්‍රමවේදයකට. කණාමුට්ටියට ගහනවා වගේ මේ අවුරුදු කාලයේ දී අපි හතර අතේ තේරුමක් නැතුව පරීක්ෂා කරන්නේ නෑ. රෝගීන් අපි හඳුනාගන්නේ නැතුව වැඩිවෙනවා නම් මම කිව්වා වගේ රෝහල්වලට රෝගීන් ඇතුළත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අද වාර්තා වෙන මරණ ප්‍රමාණයත් අඩුවෙලා තියෙනවා. “






