Press "Enter" to skip to content

කොළඹ සුපිරි පාසලක ගුරුවරයෙකුට කොරෝනා – ගුරුවරුන් හා සිසුන් හැත්තෑවක් PCR පරීක්ෂණයට

කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත.

මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ පීසීආර් පරීක්ෂණයේ දී ය.

විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති මෙම ගුරුවරයාගේ ආශ්‍රිතයන් ලෙස හත සහ අට ශ්‍රේණිවල ගුරුවරුන් හා සිසුන් හැත්තෑවක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා අද පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය. නිවාඩු ලබා දී ඇති ශ්‍රේණි සඳහා මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කෙරේ.

More from GossipMore posts in Gossip »