දෙමාපියන් සමඟ ආරවුලක් ඇති කරගෙන වස පානය කිරීමෙන් අනතුරුව අනුරාධපුර නුවර වැවට පැන සිය දිවි නසා ගැනීමට උත්සහ කළ අවිවාහක තරුණියක් දියේ ගිලෙමින් සිටිය දී, එම තරුණියගේ ජීවිතය බේරා ගැනීමට අනුරාධපුර රණසේවා පුර පිහිටි යුද හමුදා ක`දවුරේ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු ඊයේ (29දා* දහවල් කටයුතු කළහ.
තරුණිය ප්‍රතිකාර ස`දහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අත්කම් නිවාස අසල වෙරුම්කුලම පාර කැකිරාව ලිපිනයේ පදිංචි 21 හැවිරිදි තරුණියක බව පසුව අනාවරණය කරගෙන තිබුණි.
එම තරුණිය පැවැත්වූ පෙම් සබධතාව බි`දවැටීම හා දෙමාපියන් සමග ඇතිවූ ආරවුලක් නිසා දිවිතොර කර ගැනීමට වස පානය කර නුවර වැවට පැන තිබෙන බව අනාවරණය විය.
අනුරාධපුර නගරයට පැමිණ ඇති මෙම තරුණිය වස කුප්පියක් පානය කර පුල්ලෙයාර් හංදිය ආසන්නයේ පිහිටි සොරොව්ව අසලින් දියට පැන ඇති අතර ඇය නුවර වැවේ ගැඹුරු දියට ගසාගෙන යද්දී වැව ආසන්නයේ සිටි පිරිසක් සිවිල් ඇ`දුමින් සිටි තරුණ නිලධාරින්ට තරුණියක් දියේ ගසාගෙන යන බව දන්වා තිබේ.
මෙම තරුණිය අඩි තිහක් පමණ ඈතට ගසා ගෙන යද්දී කිසිවෙකුත් තරුණිය බේරා ගැනීමට ඉදිරිපත් වී නැති අතර නිලධාරින් දෙදෙනා සිය ජීවිත පරදුවට තබා දියට පැන තරුණිය බේරාගෙන ප්‍රතිකාර ස`දහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට බුද්ධි අංශ නිලධාරින් පියවර ගෙන තිබුණි. බේරාගත් තරුණිය වස පානය කිරීම නිසා ආසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා සිය ජීවිත ගැනද නොසිතා අඩි 12 අධික ගැඹුරු ජලය පිහිටි දියඹට පිහිනා ඇති අතර ඔවුන් කළ මනුසත් ක්‍රියාව පිළිබ`ද වැව ආසන්නයේ සිටි විශාල පිරිසකගේ ප්‍රශංසාව හිමිවුණි.






