පිළිකාකාරක අඩංගු පොල්තෙල් දේශීය වෙළෙඳපොළට ගෙන්වීමට කටයුතු කළ අයට දැඩි දඬුවම් පමුණුවන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
ඒ සඳහා පාරිභෝගික අධිකාරිය විසින් අවශ්‍ය මුලීක කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවද ඇමතිවරයා කීවේ ය.
පොල්තෙල් පමණක් නොව අනෙකුත් ආහාර ද්‍රව්‍යය ද ජනතාවට විෂ සහිත දැයි සොයා බැලිය යුතු බවත්, එවැනි විෂ සහිත ආහාර ද්‍රව්‍ය ගෙන්වන්නන්ට ද නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේ ය.
ජනතාවට විෂ ආහාර ද්‍රව්‍ය කවන්නන් දේශද්‍රෝහීන් ලෙස තමන් සලකන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.






