තුන් ඉරියව් ක්රීඩක තිසර පෙරේරා පළමු පෙළ එක්දින තරගයකදී පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කිරීමට සමත්ව තිබේ.
ඒ අද (28) බ්ලූම් ෆීල්ඩ් ක්රීඩා සමාජය සමඟ පැවැති සීමිත පන්දුවාර තරගයකදී යුද හමුදා පිල නියෝජනය කරමිනි.
තිසර එහිදී බ්ලූම්ෆීල්ඩ් පිලේ දිල්හාන් කුරේගේ පන්දුවාරයකදී මේ දස්කම දැක්වීමට සමත් විය.
ඔහු අංක පහ පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 13 කදී යුදහමුදා ක්රීඩා සමාජ පිල වෙනුවෙන් ලකුණු 52ක් රැස් කළේය.
පළමු පෙළ තරගයක පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කළ ලොව නමවැනි ක්රීඩකයා ලෙස තිසර මේ අනුව වාර්තා පොත් අතරට එක්ව ඇත.
Published in Sports
More from SportsMore posts in Sports »