Press "Enter" to skip to content

අධික විෂ ‍පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි – වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට වැඩි බලපෑම්

මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එක පාරට විශාල ප්‍රමාණයක් ශරීර ගත වුවත් , කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීර ගත වුවත් ප්‍රශන ඇති වෙනවා.

වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙහි බලපෑම වැඩියි. මන්ද කුඩා දරුවන්ගේ අක්මාවේ දරාගැනීම වැඩිහිටියන්ට වඩා අඩු නිසා. දරුවන්ගේ වර්ධනයට පවා මෙමගින් අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්

More from GossipMore posts in Gossip »