Press "Enter" to skip to content

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සාධනීය මට්ටමක – ආසාධිතයින් අඩුවෙන් වාර්තා වෙයි

සෞඛ්‍ය බළධාරීන්ගේ සහ ජනතාවගේ දැඩි කැපවීම හේතුවෙන් පසුගිය දින කිහිපයේදී මෙරටින් කොවිඩ් ආසාධිතයින් අඩුවෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ආසාධිතයින් අඩුවෙන් වාර්තාවීම රෝග පාලනයේ සාධනීය තත්වයක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (27) කියා සිටියේය.

උත්සව සමයත් සමඟ අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද සාප්පු සවාරි යාමේදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (26) හඳුනාගත් නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වන 55 දෙනෙකු කොළඹින් වාර්තාවන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වේ.

More from GossipMore posts in Gossip »