Press "Enter" to skip to content

‘වහලුන් සේ නිහඬව නොසිට’ පෙරට එන්නැයි ‘භාග්‍යා’ගෙන් තරුණ පරපුරට ආරාධනයක්

‘වහලුන් ලෙස නිහඬව ජීවත් වුවහොත්’ රටක් ඉතිරි නොවන බැවින් මේ අවස්ථාවේදී පෙරට පැමිණෙන ලෙස තමන් තරුණ පරපුරට ආරාධනය කරන බව සිංහරාජය වෙනුවෙන් හඬ නැගූ භාග්‍යා අබේරත්න පැවසිය.

ඇය පෙන්වා දෙන්නේ සිංහරාජය ආශ්‍රිතව සිදුවන විනාශය ගැන හෙළිදරවු කිරීමෙන් අනතුරුව, ඒ හඬ නිහඬ කිරීමට ඇතැමුන් උත්සහ කිරීම තරුණ පරපුර බියවැද්දීමට ගන්නා උත්සහයක් බවය.

කුමන අභියෝග පැමිණියද තමන්ට හුස්ම දෙන පරිසරය රැක ගැනීමට ‘අවසන් හුස්ම පොද තිබෙන තුරු’ සටන අත් නොහරින බව බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයක දී ඇය සඳහන් කළාය.

https://www.bbc.com/sinhala/av-embeds/sri-lanka-56521248

More from GossipMore posts in Gossip »