අද (28) දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 561ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිම පුද්ගලයෙක් සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මේ අතර, අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 237 ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 92,076 ක් දක්වා ඉහළගොස් ඇත.







