Press "Enter" to skip to content

පොලිස් පරීක්ෂකගේ බිරිය සූදු කෙළිමින් සිටියදී අත්අඩංගුවට

බණ්ඩාරගම බටකැටිය ප්‍රදේශයේ පාළු නිවෙසක් තුළ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා පොලිස් පරීක්ෂකවරයකුගේ බිරියක් ඇතුළු කාන්තාවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියය

පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය මෙහෙයවීමෙන් සුදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී ප්‍රධාන සැකකාරිය මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය මගින් මීට පෙරද අත්අඩංගුවට ගත් තැනැත්තියක් බවට හෙළි වූ බව පොලිස් නිලධාරියා කීය