Press "Enter" to skip to content

බාගෙට විලිවහගෙන ලෝකය දන්නා කෙල්ල වෙනුවෙන් මිලියන 1.5ක් එකතු වේ

මියා කලීෆාගේ ජනප්‍රිය පැරණි වීඩියෝ සියල්ලක්ම පාහේ ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඇය එම වෙබ් අඩවිවලින් ඉල්ලා දැන් ටික දවසක්.

නමුත් ඒවා ඉවත් කරනු වෙනුවට එක් එක් අයුරින් නැවත නැවත ඒවා යාවත්කාලීන කිරීමට ලෝ ප්‍රකට වැඩිහිටි චිත්‍රපට වෙබ් අඩවි කටයුතු කර තිබෙනවා. එයට හේතුව නම් ඇය රඟපෑ එම මතභේදාත්මක චිත්‍රපට සඳහා තවමත් ඉහළ ඉල්ලු‍මක් පැවතීමයි.

ඒ වගේම මියාගේ වැඩහිටි චිත්‍රපට වීඩියෝ ඉවත් කරන ලෙස ඉල්ලා මිලියන එක හමාරක (1.5 million) පමණ ජනතාවක් පෙත්සමක් අත්සන් කර තිබෙනවා.

කෙසේ වුවද ඇයගේ වීඩියෝ ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එවැනිම ජනතාවක් වෙනම ම පෙත්සමක් ද අත්සන් කර තිබෙනවා.

කෙසේ වුවත් මියා සඳහන් කරන්නේ වෙබ් අඩවිවලින් තමන්ට මෙතෙක් ගෙවා ඇත්තේ ඩොලර් ලක්ෂයකට මදක් වැඩි මුදලක් බවයි. නමුත් ඇයගේ වීඩියෝවලින් පමණක් ඔවුන් ඩොලර් මිලියන ගණනක් උපයා තිබෙන බව ඇය සඳහන් කරනවා.

තමාගේ වසර හයක් පැරණි වීඩියෝවක් නැවත නැවත වෙළෙඳපළ වෙනුවෙන් යාවත්කාලීන කිරීම ගැන නොසතුට පළකරන ඇය කියා සිටින්නේ තමා අද වනවිට ක්ෂේත්‍රයේ නොමැති අවස්ථාවක මෙවන් යාවත්කාලීන වීම් හරහා වැරදි පණිවිඩයක් සමාජගත වන බවයි.

මේ වෙබ් අඩවි හැම විටම උත්සාහ කරන්නේ මා සක්‍රීයව ක්‍ෂේත්‍රයේ සිටින බව හැඟවීමට. එයින් ඔවුන් විශාල ලාභයක් උපයනවා යනුවෙන් ඇය පවසනවා.

More from GossipMore posts in Gossip »