Press "Enter" to skip to content

සැමියා බේරා දෙන්නැයි නීතිඥවරියගෙන් පැමිණිල්ලක්

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකට තම සැමියා බේරා දෙන ලෙස ඉල්ලා නීතිඥවරියක් අපූරු පැමිණිල්ලක් කර තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට පැමිණි නීතිඥවරියක් කියා ඇත්තේ තම නිවසට යාබද නිවසේ සිටින ගුරුවරිය සැමවිටම උඩුමහලේ තුවායකින් සැරසී සක්මන් කරන හෙයින් එය දැක තමන්ගේ සැමියා අනියම් ඇසුරකට පෙලඹේ යැයි බියක් ඇති බවය.

ස්ථානාධිපතිවරයා එසේ බියවීමට හේතුව නීතිඥවරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළේ එළියෙහි වනන ඇඳුම්වල පැහැය රතු පැහැති බැවින් එම පැහැයට තම ස්වාමියා බෙහෙවින් ප්‍රිය කරන බවත්ය.

ඉන් අනතුරුව ස්ථානාධිපතිවරයා මෙකී නීතිඥවරියගේ මානසිකත්වය තේරුම් ගෙන පැයක පමණ දේශනයකින් අනතුරුව ඇගේ සැකය දුරු කර පිටත් කර හැරීමට පියවර ගෙන තිබිණි.

More from GossipMore posts in Gossip »