Press "Enter" to skip to content

”විලාසිතාවට පරිසරය ගැන කතා කරන්න එපා” ජනපති කියයි

විලාසිතාවක් ලෙස පරිසරය ගැන කතා නොකරන ලෙස පරිසරය පිළිබඳව අදහස් දක්වන්නන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

“පරිසර දූෂණය අද සියලු දෙනාගේ ම සාකච්ඡාවට භාජනය වී තිබෙනවා. ඒ වගේ ම ඒ සඳහා නොයෙකුත් මතවාදයන් ඉදිරිපත් තිබෙනවා. විවිධ බොරු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. මම තමයි පරිසරයට අහිතකර එක ම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩ කරන්නේ, මේ සියලු ම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කතා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කතා නොකර, හැම කෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.”

mawbima.lk