තම පුතාගේ හත් හැවිරිදි දියණියට බරපතල ලිංගික අතවර කළ හැත්තෑ තුන් හැවිරිදි පුද්ගලයෙකු 31 වනදා දක්වා රක්ෂිත බන්ධානාගර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිඛෙනවා.
සැකකරු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙම දැරියගේ පියා විදේශ ගතව සිටින අතර මව අනෙක් සහෝදර සහෝදරියන් සහ සැකකාර සීයා සමග නිවසේ සිට ඇති බවයි.
එසේ සිටියදි ඉකුත් 21 වන දින මව වැඩිමහල් පුතාට ඛෙහෙත් රැගෙන එමට ගොස් ඇති බවත් වෛද්‍යවරයා නොමැති නිසා ඉක්මනින්ම ආපසු නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණිවිට සැකකරු දැරියට ලිංගික අතවර කරනු දැක මව කෑගසා ඇති බවත් එවිට අසල්වාසින්ද පැමිණ ඇති බවත් පොලිසිය කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.






