Press "Enter" to skip to content

බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයක 53 දෙනෙකුට කොරෝනා

බත්තරමුල්ලේ පිහිටි වැඩිහිටි නිවාසයක වෙසෙන පුද්ගලයින් 53 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ, බාහිරින් එම පුද්ගලයින්ට කොරෝනාවෛරසය ආසාදනය වූ බවට විශ්වාස කළ නොහැකි බවය.

එම වැඩිහිටි නිවාසයේ කළමනාකාරිත්වය පවසා ඇති පරිදි බාහිරින් පැමිණි කිසිදු පුද්ගලයෙකු එහි වෙසෙන වැඩිහිටියන්ට සමීපව කටයුතු කර නොමැත.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් වැඩිහිටි නිවාසයේ සිටියදී ම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගනු ඇති බවය.

More from GossipMore posts in Gossip »