Press "Enter" to skip to content

භාග්‍යා අබේරත්න හමුවීමෙන් පසු පාලිත තෙවරප්පෙරුම කී දේ

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් පළ කළ භාග්‍යා අබේරත්න දැරියගේ සුවදුක් විමසීමට අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ගියේය.

ඔහු ඇගේ නිවසට ගොස් ඇය සමග කතාබහ කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතා ඇය හමුවීමෙන් පසුව ප්‍රකාශ කළේ, “භාග්‍යාගේ පරිසර සටනට තමන් ද එක් වන,” බවය.

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන වනාන්තර විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් දැක්වූ භාග්‍යා අබේරත්න සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් සමාජය තුළ ගොඩ නැගෙමින් තිබේ.

More from GossipMore posts in Gossip »