Press "Enter" to skip to content

සීනි හොරු ගැන කන්නලව් කරන්න යද්දි දේවාලෙ යතුරුත් හංගලා

කුප්‍රකට සීනි වංචාවට වගකිව යුත්තන් හට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලීමට අද දේව කන්නලව්වක් සිදුකිරිමට ගිය විපක්ෂයේ ක්‍රියාධරයන් පිරිසක් හට බාධා පමුණුවා ඇති බව වාර්තා වේ.

මේ සඳහා දිලිප් වෙදආරච්චි ප්‍රමුඛ පිරිසක් සීනිගම දේවාලය වෙත ගොස් තිබුණි.

කෙසේවෙතත්, සිය ක්‍රියාව වැළැක්වීමේ ප්‍රයත්නයක් ලෙස දේවාලය වෙත යාමට භාවිතා කරන බෝට්ටු මෙන්ම දේවාලයේ දොරටු වල යතුරු ද සඟවා තිබෙන අයුරු දුටු මොවුන්ට දැක ගත හැකි වී ඇත.

කෙසේවෙතත්, සීනි වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලා තිබේ.

More from GossipMore posts in Gossip »