කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨසයෙන් කොරෝනා රෝගීන් 100 දෙනකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි .
ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්කොරෝනා වියිරසය ආසාදිත රෝගීන් හැට තුන් 63 දෙනකු සොයා ගෙන තිබේ .
ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 51 ක සේවය කරන 1,142 දෙනකු කොරෝනා වයිරසයට ගොදුරු වී තිබේ.
එසේම කටුනායක -සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 37 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය .
ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළින් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1,110 දෙනෙකු සොයාගෙන තිබේ .
එම රෝගීන් වතුපිටිවල සහ වරකාපොල දිස්ත්‍රික් මහ රෝහල් යක්කල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 63 ක්
More from GossipMore posts in Gossip »
- පාපතර ක්‍රියාවට මව සහ අනියම් සැමියා හාළිඇලදී අත්අඩංගුවට
- දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න
- ජීවිතය ගැන කලකිරි නිවුන්සොහොයුරියෝ ගත් හදිසි තිරණය
- රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා – අත දරුවට තාම මාස හතයි” – මියගිය පොලිස් නිලධාරීගේ පවුලේ අය හඩා වැටෙයි
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි




