Press "Enter" to skip to content

ජපානයේ සංක්‍රමණික කදවුරක රඳවා සිටි ශ්‍රී ලාංකික තරුණියකට ආහාර නොලැබීම නිසා මිය යයි

ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක සිටි ශ්‍රී ලාංකික තරුණියක මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට අධිකරණ ඇමතිවරිය උපදෙස් දී තිබේ.

ජපානයේ නගෝයා නගරයේ පිහිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක සිටි ශ්‍රී ලාංකික තරුණියක මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට අධිකරණ ඇමතිවරිය උපදෙස් දී තිබේ.

33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නමැති එම තරුණිය නගෝයා නගරයේ ඇති ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක හුදෙකලා කාමරයක රඳවා සිටි ඇති අතර මාර්තු 6 වන සෙනසුරාදා එහි රැඳවියන් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී ප්‍රතිචාර නොදැක්වීම සහ සිහිසුන්ව සිටීම හේතුවෙන් අදාළ තරුණිය රෝහල්ගත කිරීමට එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

එහිදී රෝහල් බලධාරීන් තහවුරු කර ඇත්තේ එම තරුණිය මිය ගොස් ඇති බවය.

මෙම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බවට පැමිණිලි කර ඇති බවත් එම ස්ථානයේ සහ ඉන් පිටත වෛද්‍යවරුන් විසින් ඇය පරීක්ෂා කර ඇති බවත් එරට අධිකරණ අමාත්‍ය කමිකාවා යොකෝ සඳහන් කළ බව NHK පුවත් සේවය සඳහන් කරයි.

එමෙන් ම, එරට The Asahi Shimbun පුවත්පතෙහි වෙබ්අඩවිය වාර්තා කර ඇත්තේ, අදාළ තරුණිය තමන් තාවකාලිකව නිදහස් කරන ලෙසත් ආහාර ලබා ගැනීමට දැඩි අවශ්‍යතාවක් ඇති බවත් සඳහන් කරමින් ලිපි සහ සටහන් ලියා ඇති බවය.

අනතුරුව ඇය අසාමාන්‍ය ලෙස දුර්වල තත්ත්වකට පත්වී මියගොස් ඇති බව එම වෙබ්අඩවිය වාර්තා කරයි.

“මට දැන් ඇත්තට ම කන්න ඕනේ”, ඇය මේ බව සටහන් කර ඇත්තේ ඇය රඳවා සිටි සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයේදී ය.

මේ අතර, ජපානයේ පුවත්පත්වල දැක්වෙන්නේ, ඇය ගලනාලය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් හේතුවෙන් ආහාර ගැනීමේ අපහසුතාවක් පැවති බවය.

ඒ හේතුවෙන් ඇය දීර්ඝ කාලයක් ආහාර ගෙන නොමැති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද තහවුරු කළේය.

වීසා කාලය ඉක්මවා ගිය විදේශිකයන් මෙම ස්ථානයේ වාසය රඳවා තැබීමට ජපන් රජය කටයුතු කරයි.

ජපානයේ සිටින විදේශිකයන්ට සහය දක්වන කණ්ඩායම (START) උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ, රඳවා සිටියදී මුහුණ දුන් අධික ආතතිය හා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් එම තරුණියට ආහාර ගැනීමට හා ඇවිදීමට නොහැකි වී ඇති බවය.

එමෙන් ම, එම තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දරුණු අතට හැරී තිබුණු බවත් තම සාමාජියකයන් එහි යන විට ඇය වමනය කිරීම සඳහා බාල්දියක් ළඟ තබාගෙන සිටි බව START කණ්ඩායම පැවසූ බව The Asahi Shimbun පුවත්පතෙහි වෙබ්අඩවිය වාර්තා කරයි.

තව ද ආගමන විගමන බලධාරීන් වෙත දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද ලියවිල්ලක පිටපතක සඳහන් වී ඇත්තේ, එම නිලධාරීන් ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තාවකාලික නිදහස් කරන ලෙස ඇය ඉල්ලා සිටින බවය.

“මට රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න ඕන, නමුත් ආගමන බලධාරීන් මාව රැගෙන යන්නේ නැහැ,” යැයි ඇය එම ලියවිල්ලේ සටහන් කර තිබේ.

More from GossipMore posts in Gossip »