Press "Enter" to skip to content

මතභේදාත්මක තීරණයෙන් පසු ධනුෂ්ක හමුවෙන්න පොලාර්ඩ් ගිහින්

පිටියේ පන්දු රකින ක්‍රීඩකයින්ට බාධා කළ බව පවසමින් හැමෝම පුදුම කරවූ තීන්දුවකින් පසු පිටියෙන් ඉවත්වීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඊයේ (11) තරගයේදී සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේදී කඩුලු 8ක පරාජයක් අත්වූ අතර ධනුෂ්කගේ ඉවත්වීම ශ්‍රී ලංකා ඉනිමේ පසුබෑමට ප්‍රබල හේතුවක් බවට පත්විය.

දුවද්දී දැවී යාමකට බාධා කළේයැයි පවසමික් කොදෙව් නායක කිරන් පොලාර්ඩ් සිදු කළ ප්‍රබල ඉල්ලීම තුන්වැනි විනිසුරුට යොමු කිරීමෙන් අනතුරුව ධනුෂ්කට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

එවැනි පසුබිමක් තුළ තරගය අවසාන වීමෙන් අනතුරුව කොදෙව් නායක කිරන් පොලාර්ඩ් ධනුෂ්ක ගුණතිලක හමු වී තිබේ.

මෙම හමුවේ ඡායාරූප කොදෙව් නිල ෆේස්බුක් පිටුව තුළ පලකර තිබේ.ඔවුන් දෙදෙනා ඉතා සමීපව සිය සාකච්ඡාව සිදුකළ අයුරු මෙහි දැකගත හැකිය.

හිටපු කොදෙව් නායක ඩැරන් සැමී සහ ටොම් මූඩි සිය ට්විටර් ගිණුම්වල සටහන් කර තිබුණේ මෙම තීන්දුව නිසා කම්පනයට පත් වූ බවය.

https://youtu.be/rYqC2Fu17XI