අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඊයේ (08) දිනයේ මීරිගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ කිහිපයකට අයිස් වැසි තත්ත්වයක් පතිත වී තිබේ.
ප්‍රදේශයේ අප වාර්තාකරු සදහන් කළේ මීරිගම, බෝතලේ, සුදුකන්ද, කාමරන්කාර යන ප්‍රදේශවලින් අයිස් වර්ෂාවක් පිළිබද වාර්තා වූ බවයි.
විනාඩි 15කට ආසන්න කාලයක් මෙම අයිස් වැසි තත්ත්වය පැවති බව අප වාර්තාකරු සදහන් කළේය.






