Press "Enter" to skip to content

කොවිඩ් මරණ 5ක් – 19 හැවිරිදි තරුණියකුත් මරුට

තවත් කොවිඩ් මරණ 5ක් අද (08) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවකි.

More from GossipMore posts in Gossip »