මුහුණු පොත මගින් හඳුනාගත් නීතිඥවරයකුගේ ලාබාල සුරූපී බිරිඳ සමඟ හිතවත්කමක් පවත්වා ඇය මීගමුව නගරය වෙත පැමිණි අවස්ථාවේ ඇය මෝටර් රථයකින් පැහැර ගෙන යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසු වූ තරුණ මෝටර් රථ කාර්මිකයා දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.
ඇප නියම වූ සැකකරු වූයේ පැරණි මෝටර් රථ නවීකරණය කිරීමේ ශිල්පියකු වන මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ල අනුව සැකකරු සහ නීතිඥවරයාගේ රූමත් බිරිඳ මුහුණ පොත පරිහරණයට දැඩි කැමැත්තක් දක්වයි. මුහුණු පොත මගින් කාර්මික ශිල්පියා නීතිඥවරයාගේ තරුණ බිරිඳ හඳුනාගෙන ඇත. පසුව ඇය අවශ්‍යතාවක් සඳහා මීගමුව නගරයට පැමිණි අවස්ථාවේදී එහි පැමිණි සැකකරු මෝටර් රථයකින් ඇය පැහැර ගෙන යාමට තැත්කළ බව පැමිණිල්ලේ දැක්වේ. මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් (56351* සරත් පේ‍්‍රමකුමාර මහතා පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් නීතිඥ විරාජ් ජයසිංහ, වජිර රොද්‍රිගු, මහින්ද සුගතදාස යන මහත්වරුන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුරාජ් ජයමාන්න, චාමින්ද ලාන්සා, ප්රීමාල් අමරතුංග යන නීතිඥ මඩුල්ලක් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරණායක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය මැයි මස 17 වැනි දින පැවැත්වේ.






