Press "Enter" to skip to content

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරියව ඇයගේ සොයුරා ඉදිරිපිටදීම දුෂණය කරලා

73 හැවිරිදි කාන්තාවකගේ අතපය ගැට ගසා ඇය භාරයේ සිටි දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක් ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා ඉදිරිපිටදී අපයෝජනය කළ බව කියන 40 හැවිරිදි විවාහකයකු අත්අඩංගුවට ගැනීම සඳහා විලච්චිය පොලිසිය පරීක්ෂණයක් අරඹා තිබේ.

වින්දිත දැරියත් මෙම සැකකාර පුද්ගලයාත් අසල්වැසි ඥාතීන් බව පොලිසිය කියයි.

සැකකරු පෙරේදා (04 දා* මෙම වයස්ගත කාන්තාවගේ නිවසට පැමිණ ඇයගේ අතපය බැඳ දමා වින්දිත දැරිය හා ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා කාමරයකට රැුගෙන ගොස් දොර වසාදමා මරණ බවට තර්ජනය කොට සොයුරා ඉදිරියේදීම අපයෝජනය කොට තිබේ.

මේ සම්බන්ධයෙන් 73 හැවිරිදි කාන්තාව හා අපයෝජනයට ලක්වූ දැරිය විසින් එදිනම පොලිසියට පැමිණිලි කොට තිබුණි. සැකකරු මෙම වයස්ගත කාන්තාවගේ දියණියගේ සැමියා බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විලච්චිය පොලිසිය විසින් විමර්ශනයක් අරඹා තිබේ.

More from GossipMore posts in Gossip »