Press "Enter" to skip to content

මුස්ලිම් පිරිමින්ට කසාද 4ක් බෑ

වයස අවුරුදු 18ට අඩු තරුණියන් ඔවුන්ගේ ලිඛිත කැමැත්ත නොමැතිව විවාහ කිරීම වැළැක්වීම සඳහා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.

එසේම විවාහ කිහිපයක් (බහු විවාහ) කරගැනීම සඳහා මුස්ලිම් විවාහ නීතිය අනුව මෙතෙක් පැවති ඉඩකඩද අහෝසි කිරීමට තීන්දු කර තිබේ. එසේම ඉතා පහසුවෙන් මුස්ලිම් කාන්තාවන් දික්කසාද කරන කාති උසාවි වෙනුවට රටේ පොදු නීතිය ඒ අයටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

මෙතෙක් පැවති විවාහ නීතිය අනුව මුස්ලිම් දැරියකට විවාහ වීමට වයසක් නියම කර නොතිබිණි.

පියා, බාප්පා හෝ සහෝදරයකුගේ අනුමැතිය මත ඕනෑම කුඩා දැරියක් පවා විවාහ කරවීමට හැකියාව තිබිණි.

නව නීතියත් සමඟ ඒ සියල්ල අහෝසි වෙයි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

(දේශය)

More from GossipMore posts in Gossip »