Press "Enter" to skip to content

විකෘතී ආශාවන් ඇති සැමියෙකු බිරිඳට අයුතු යෝජනා කරමින් දරුවන් අපයෝජනය කරලා

කුඩා දරුවන්ට සිදුකළ අමානුෂික පහරදිම් මෙන්ම ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කීහිපයේ මෙරට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

එම සිදුවීම් අතරතුර තිස්සමහාරාම ජ් පන්නෙගමුව ප්‍රදේශයේ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් බාල වයස්කාර දරුවන්ට සිදුකරන තවත් අපරාධයක් පිළිබදව හිරු සිඅයිඒ තොරතුරු හෙළි කර ගත්තා.

අද සීඅයිඒ අනාවරණය ඒ පිළිබඳවයි.

තම මව විසින්ම කුඩා දරුවෙකුට අමානුෂීය ලෙස පහරදෙන සිදුවීමක් මෙන්ම 60 හැවිරිදි පුද්ගලයෙකු තවත් කාන්තාවක් සමග එක්වෙමින් කුඩා දරුවන් ලිංගික අපයෝජනය සදහා යොමු කළ සිදුවීමක්ද පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.

ඒ අතරතුරයි හිරු සීඅයිඒ කණ්ඩායමට කුඩා දරුවන් සිව්දෙනෙකු අපයෝජනයට ලක්කරන රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙකු පිළිබද තොරතුරු අනාවරණය වන්නේ.

මේ වනවිටත් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති පසුබිමක අප තිස්සමහාරාම ජ් පන්නෙගමුව ප්‍රදේශයට ලගාවුයේ තවත් දරුවන් මෙම පුද්ගලයාගේ ගොදුරක් බවට පත්වීම වලක්වා ගැනීමේ අරමුණ ඇතිවයි.

ළමා අපයෝජකයාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිඳ සීඅයිඒ කණ්ඩායම හමුවේ මෙලෙස හෙළි කළේ අදාළ දරුවන් විසින් අපට හෙළිකළ තොරතුරුයි.

ළමයි කියන්නෙ එයාලට සෙක්ස් පෙන්නුවලූ‍ ෆෝන් එකෙන්
රහස් ප්‍රදේශය අතගෑව කියලා තමයි කියන්නෙ
මෙයා වැඩිපුර කරලා තියෙන්නෙ මෙයාගෙ ලිංගික අවයව පෙන්නපු එක

ළමයින්ට වයස කීය ද?
ගෑණු දරුවට අවුරුදු 11 යි
අනෙක් දරුවට අවුරුදු 09 යි

මෙහි ඇති පුදුම සහගතකරුණවන්නේ දරුවන් අපයෝජනයට ලක් කරන එම පුද්ගලයාට ද එම වයසේම දරුවන් දෙදෙනෙකු සිටීමයි.

ඊට අමතරව එම පුද්ගලයා තම බිරිදට ද තම යහළුවෙකු සමග යහන්ගතවන ලෙස ට බල කර තිඛෙනවා.

මට කියනවා ඒ ලැඛෙන අත්දැකීම ඔයත් ලබල බලන්න කියලා
එතකොට ඔයාටත් ආස හිතෙයි කියලා
මෙයාගෙ යාළුවෙක්ට ෂෙයා කරගන්න හැදුවා
මං එහෙම කෙනෙක් නෙමෙයි මං ගැන එහෙම හිතන්න එපා කියලා
මෙයාට කියලා වැඩක් නෑනෙ

මෙම කාන්තාව ඇගේ ස්වාමියාගේ මිතුරන් විසින් එවන ලද අසභ්‍ය ඡායාරූප ද මෙලෙස අප හමුවේ ඉදිරිපත් කළා.

මේ තියෙන්නෙ පෙන්නලා එයත් එක්ක ඉන්න කැමති ද ? කියලා අහපු දේ

මේ තොරතුරු හෙළිකර ගැනීමෙන් අනතුරුව අප අපයෝජනයට ලක් වු බව කියන ළමුන් සොයා ගියා.

ඔවුන්ගේ මව මේ වනවිට විදෙස් ගතව ඇති අතර ඔවුන් පසුවන්නේ මිත්තණියගේ භාරයේයි.

ඒ අංකල් මොකක්ද මුලින්ම කිව්වෙ ?

ඉස්සෙල්ලාම අපේ ගෙදරට ආවා
සීයගෙ ඇන්ටනාව හදන්න
හැම තැනම කහනවා කියලා රෙද්ද උස්ස උස්ස පෙන්නනවා
මං නිදි වෙලාවෙ ඇවිල්ලා මගෙ පස්ස අතගෑවා

අදාල අපයෝජකයා තවත් දරුවෙකුට කළ අපයෝජනයක් ද මෙම දරුවන් මෙලෙස හෙළි කළා.

අයියගෙ කට වහගෙන ගිහිං කකුළ පාගගෙන ලේත් ආවා තුවාලෙකින් දඹල මැස්සට ගිහිං ඒ මාමාගෙ ඒවා පෙන්නුවා.

මෙම දරුවන් හෙළිකළ කරුණු අනුව තවමත් මේ පිළිබද නිසි විමර්ශනයක් පොලිසිය හරහා සිදුව නැති බවයි අප කළ විමර්ශනයේදී හෙළිවුයේ.

More from GossipMore posts in Gossip »