Press "Enter" to skip to content

එන්නත ගෙන දින 2කට පසුවත් උණ නම් වහා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්න

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එන්නත ලබාගැනීමෙන් පසු කිසිවෙකු මියගිය බවට මෙතෙක් තහවුරු වී නොමැති බවය.

“සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙනවා. ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒකට හේතුව ඩෙංගු රෝගය වෙන්න බැරිකමක් නෑ.”

එන්නත් ලබා ගැනීමකින් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරුණු පැහැදිළි කළේය.

“මේ අයගේ මරණය සිදුවුණේ එන්නත නිසා ද කියලා අපි විමර්ශනය කරගෙන යනවා. එන්නතක් ලබාදුන්නාට පසු ඇතිවන්න පුළුවන් අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද තියෙනවා, ඒවා විමර්ශනය කරන්න. ඒ අනුව තොරතුරු ඉදිරිපත් කරන්න අපිට හැකිවේවි. එතෙක් අපිට කියන්න පුළුවන් වන්නේ එන්නත දීම නිසා සිදුවූ මරණයක් නෙමෙයි.”

More from GossipMore posts in Gossip »