කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මේ වන විට නිකුත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද එම මාර්ගෝපදේශ අනුව,
*මෘත දේහ ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කිරීම සහ අවසර ගැනීම
*ප්‍රවාහනය කිරීමට පෙර සූදානම
*මෘත දේහ ප්‍රවාහනය
*භූමදානය කළ යුතු ආකාරය
*මරණ පරීක්ෂණය සිදු කළ යුතු ආකාරය
ආදී කරුණු සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, ඥාතීන් විසින් මෘත දේහය සඳහා මිනී පෙට්ටියක් කල් තබා සපයනු ලැබිය යුතු බව සඳහන් කර ඇත.






