Press "Enter" to skip to content

නොමිලේ සඳ වටා රවුමක් යන්න ආරාධනා

සඳ වටා සංචාරයට කැමති අයට තමා සමග එකතු වන්නැයි ජපාන බිලියනපතියෙක් වන යසාකු මේසාවා ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලොව ධනවත් ම පුද්ගලයෙක් ලෙස සැලකෙන ඉයෝන් මස්ක් ගේ ස්පේස්X යානාවෙන් සඳ වටා සංචාරය කිරීමට අවස්ථාව සැලසෙන අතර ඒ සඳහා 08දෙනෙකුට අවසථාව ලැබෙන බව ට්විටර් පණිවුඩයක් මගින් ඔහු පවසයි.

ඉල්ලුම් පත්‍රය ද ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට ඔහු පියවර ගෙන ඇති අතර එසේ තෝරා ගන්න අය සඳහා තමා වියදම් කිරීමට සූදානම් බව යසාකු මේසාවා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම ගමන “dearMoon” ලෙස නම් කර ඇති අතර එය 2023 දී සිදුකිරීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

More from GossipMore posts in Gossip »