Press "Enter" to skip to content

අතුරුදන් වී ඇති හිස තිබෙන්නට ඇතැයි පොලිසිය සැක කරන තැන

කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හමුවූ කාන්තා මළ සිරුරේ හිස මෙතෙක් හමුවී නොමැති බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, අදාළ කාන්තාවගේ හිස සැකකාර උප පොලිස් පරීක්ෂයා අත තිබූ කුඩා බෑගය තුළ තිබෙන්නට ඇතැයි සැක කරන බවය.

“බොහෝ දුරට සැකකරු කරේ එල්ලාගෙන යන එකේ හිස සහිතව රැගෙන ගියා ද කියන සැකය තියෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ කරනවා,” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මේ අතර, කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා ද මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

“ජෛව විද්‍යාත්මකව හඳුනාගැනීම් කිරීමට දේහයෙන් හා මවගෙන්, හඳුනාගැනීමට පැමිණි සහෝදරයාගෙන් DNA සාම්පල අරගෙන තහවුරු කිරීමක් කරන්න ඕනේ පශ්චාත් මරණ පරීක්ෂණයට ප්‍රථමව. ඊට පස්සේ අපිට පුළුවන් පශ්චාත් මරණ පරීක්ෂණය කරලා මේ පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට. වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා ලිංගික අපරාධයක් සිදුවෙලා නෑ කියන එක සම්බන්ධව. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගන්න පුළුවන්.”

More from GossipMore posts in Gossip »