Press "Enter" to skip to content

තරුණිය මරා බෑගයක දමාගෙන කඳ කොළඹ ගෙනත්

වේල්ලවීදිය ගෑස්පහ හන්දියේදී ගමන් බෑගයක දමා තිබියදී ඊයේ (01 දා) දහවල් සොයාගත් හිස කඳින් වෙන් කළ තරුණියගේ සිරුර ඝාතකයා විසින් හංවැල්ල සිට පෞද්ගලික බස් රථයක දමාගෙන කොළඹට ගෙනවිත් එය මහමග දමා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

26 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය හංවැල්ල ප‍්‍රදේශයේ කිසියම් ස්ථානයකදී ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක කරයි.

ඝාතකයා තරුණිය මරා දමා ඇගේ හිස කඳින් වෙන් කර විශාල ගමන් බෑගයක බහා හංවැල්ල සිට කොළඹ දක්වා රැගෙන ආ බස්රථය ද පොලිසිය විසින් ඊයේ සවස් වන විට සොයාගනු ලැබීය.

එම බස් රථයේ රියැදුරුගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් ද පොලිසිය ප‍්‍රශ්න කර ඇත.

සැකකරු වේල්ලවීදිය ඔස්සේ මෙම තරුණියගේ සිරුර බහාලූ බෑගය රැුගෙන යන ආකාරය පොලිසිය විසින් සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන තිබේ.

ඝාතකයා තරුණියගේ සිරුර බස් රථයකින් කොළඹට රැුගෙන ආ ආකාරය ද සොයාගෙන ඇත්තේ සීසීටීවී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශනවලදීය.

තරුණියගේ සිරුර බහාලූ ගමන් බෑගය ඊයේ දහවල් කොළඹ අධිකරණ වෛiවරයා විසින් පරීක්‍ෂා කළ අතර ඇගේ සිරුර බෑගයෙන් ඉවතට ගෙන පරීක්‍ෂා නොකර එය අද (02 දා) දින පරීක්‍ෂාවට ලක්කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.

මහෙස්ත‍්‍රාත්වරයාගේ මෙම නියෝගය නිසා ගමන් බෑගය තුළ දමා ඇති තරුණියගේ සිරුර ඊයේ සවස් වනතුරුත් හඳුනා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.

එසේම මෙම තරුණියගේ හිස මෙම ගමන් මල්ල තුළ නැති බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය මත පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන කටයුතු සඳහා යොදා ඇත.

p1 3
p1 6
More from GossipMore posts in Gossip »