Press "Enter" to skip to content

මව් සෙනෙහස පෑල දොරින් දොට්ට දැමූ මව අත්අඩංගුවට

යාපනය, මණියම්තෝට්ටම් ප්‍රදේශයේ මාස 8ක බිළිඳෙකුට සිය මව විසින් වේවැලකින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් එම කාන්තාව අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබු අතර,එහි බිළිඳාට පහරදෙන අයුරු සහ එම කාන්තාව පැහැදිලිව දක්නට ලැබේ.

23 හැවිරිදි කාන්තාවක් වන ඇයගේ ස්වාමිපුර්ෂයා විදෙස්ගතව රැකියාවක නියුතු වේ.

බිළිඳා ද අද දිනයේ පොලිස් භාරයට ගත් අතර අත්අඩංගුවට පත් කාන්තාව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

More from GossipMore posts in Gossip »