Press "Enter" to skip to content

සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියගේ විභාග ප්‍රවේශ පත්‍රයට ගිනි තැබූ පියා අත්අඩංගුවට

අද (1) දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි තම වැඩිමහල් දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් ඇතුළු නිවසේ තිබූ දේපල ගිනි තබා විනාශ කරන ලද පියෙකු මාර්තු 15 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කර තිබේ.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ දියණියට විභාගය සඳහා පෙනී සිටීමට හැඳුනුම්පත සහ විභාග ප්‍රවේශ පත්‍රය ඇතුළු ලියකියවිලි ගිනිගෙන ඇති බවට පොලිසිය විසින් සහතික කරන ලද ලිපියක් නිකුත් කර තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

පොලිසිය සඳහන් කළේ, සැකකරු බීමත්ව පැමිණ ඉකුත් 27 වන දා රාත්‍රී සිය බිරිඳට පහරදී නිවසේ තිබුණු දේපලවලට ගිනි තබා ඇති බව ය.

හබරාදූව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක විමල් ප්‍රේමවංශ මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

More from GossipMore posts in Gossip »